චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියේ පළමු තරග 2 අවසන් වන වට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 4 ක් ලබා සිටින කොරියාව සමත් වී තිබේ. ප්‍රසාද ලකුණක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි තෙවැනි ස්ථානයයි.
කිසියම් කණ්ඩායමක් විසින් මෙම තරගාවලියේ තරගයකදී උත්සාහක දිනුම් 4 ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නේ නම් ඒ වෙනුවෙන් අතිරේක ප්‍රසාද ලකුණක් හිමිවේ. කණ්ඩායමක් පරාජය වන අවස්ථාවකදී ප්‍රසාද ලකුණක් හිමිවන්නේ ලකුණු පරතරය 7 ක් හෝ ඊට අඩුවෙන් පවතින්නේ නම් පමණි.
මෙතෙක් පැවැති තරග දෙකේදී ලකුණු 17-13 ක් ලෙස හොං කොං පිල පරාජය කිරීමට කොරියාව සමත් වූ අතර ලකුණු 18-15 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට චීන තායිපේ පිල සමත් විය. එබැවින් පරාජය වූ කණ්ඩායම් දෙකටද ප්‍රසාද ලකුණක් බැගින් හිමිවී තිබේ.
ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය හොං කොං පිලට එරෙහිව හෙට (15 වැනිදා) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ කොරියාව අතර තරගය ලබන අඟහරුවාදා (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.