Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව 100x4 අවසන් තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකාව 100x4 අවසන් තරගයෙන් ඉවතට

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100X4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ඉවත් කිරීමට විනිසුරුවෝ කටයුතු කළහ. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අතින් සිදුවූ දෝෂක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එලෙස අවසන් තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

එම ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 යි තත්ත්පර 22 යි දශම 84 ක තරග නිමා කාලයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මැතිව් අබේසිංහ (තත්පර 49.51), අකලංක පීරිස් (තත්පර 51.75), චෙරන්ද ද සිල්වා (තත්පර 51.00) සහ කයිල් අබේසිංහ (තත්පර 50.58) එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

මූලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට වඩා අඩු කාලයකින් තරගය නිමා කර තිබුණේ කණ්ඩායම් 3 ක් පමණක් වීම නිසා 8 වැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

අද පැවැති කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරග දෙකකදී තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට විනෝලි කළුආරච්චි (තත්පර 28.76) සහ දිල්රුක්ෂි පෙරේරා (තත්පර 27.75) සමත් වුවත්, එම ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තරම් ඔවුන්ගේ තරග නිමි කාලයන් ප්‍රමාණවත් නොවීය.

කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වේ මූලික තරගයකදී 2 වැනි ස්ථානය දිනාගැනීමට විනෝලි කළුආරච්චි සමත් වූයේ මිනිත්තු 1 යි තත්පර 7 යි දශම 64 ක කාලයක් වාර්තා කරමිනි. කෙසේ වුවත් ඇගේ තරගය නිමි කාලයට අනුව මූලික වටය අවසානයේ ඇයට හිමිවූයේ ක්‍රීඩිකාවන් 26 දෙනෙක් අතරින් 25 වැනි ස්ථානයයි.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ පිහිනුම් ඉසව්  

■    පිරිමි මීටර් 100X4 නිදහස් ආර සහාය ඉසව්ව (මූලික වටය)
5 වැනි ස්ථානය - ශ්‍රී ලංකා කණ්ඩායම (මිනිත්තු 3:22.84)

■    කාන්තා මීටර් 50 සමනල ආර ඉසව්ව (මූලික වටය)
3 වැනි ස්ථානය - විනෝලි කළුආරච්චි (තත්පර 28.76)
3 වැනි ස්ථානය - දිල්රුක්ෂි පෙරේරා (තත්පර 27.75)

■    කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව (මූලික වටය)
2 වැනි ස්ථානය - විනෝලි කළුආරච්චි (මිනිත්තු 1:07.64)

 

- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 100x4 අවසන් තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.