Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය වූ අද (10 වැනිදා) පැවැති බැඩ්මින්ටන් ඉසව්වල මූලික තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම එහිදී ජයග්‍රහණ ලබා දෙවැනි වටවලට සුදුසුකම් ලබාගත්හ.
පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ බුවනෙක ගුණතිලක, නිලූක කරුණානායක සහ දිනූක කරුණානායක යන ක්‍රීඩකයන් ඔවුන් තරග වැඳුණ මූලික වටයේ තරගවලදී පිළිවෙලින් පාකිස්තාන, ෆෝක්ලන්ඞ් දූපත් සහ සීශෙල්ස් ක්‍රීඩකයන් පරාජය කළහ.
අද පැවැති කාන්තා කේවල ඉසව්වේ මූලික වටයට සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකව වූ හසිනි අම්බලන්ගොඩ එහිදී ජර්සි දූපත්හි එමිලි රෙඞ්ෂොව් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා උගන්ඩා කණ්ඩායම පරාජය කරමින්ද, බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ ගයානා කණ්ඩායම පරාජය කරමින්ද මිශ්‍ර යුගල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.
පිරිමි කේවල මූලික වටය
කාන්තා කේවල මූලික වටය
මිශ්‍ර යුගල මූලික වටය
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.