Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වැඩි ගෞරව යුද හමුදාවට

වැඩි ගෞරව යුද හමුදාවට

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී දස්කම් දැක්වූහ. 

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා සමාජ 3 ක් නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගි වූ අතර එහිදී ඔවුන් දිනාගත් රන් පදක්කම් 7 න් 6 ක්ම පිරිමි අංශයේ තරගවලදී ලැබූ රන් පදක්කම් විය. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියේ පිරිමි තරග බර පංති 10 ක් යටතේ පැවැති අතර කාන්තා තරග බර පංති 6 ක් යටතේ පැවැත්විණ. 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ පේරාදෙණිය බොක්සිං සමාජයේ එච්.එන්. ජිනදාස තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකා පොලිසියේ ආර්.එස්. ඉලංගරත්න දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතියෙන් තරග වැදුණ කඳුරට බොක්සිං සමාජයේ අයි.ඩී. බාලසූරිය දක්ෂතම පර++ාජිතයා බවට පත්වූ අතර ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ තුරුලි බොක්සිං සමාජයේ ඒ.ඒ. රණසිංහ තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත්වූවාය. 

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 140 දෙනෙක් සහභාගි වූ අතර යුද හමුදා බොක්සිං කමිටුවේ උප සභාපති යූ.පී. ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි විය.  


පිරිමි තරග ප්‍රතිඵල 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය 
එච්.එන්. ජිනදාස (පේරාදෙණිය බොක්සිං සමාජය) විසින් ඩී.එස්. ඉන්ද්‍රතිලක (පොලිසිය) පරාජය කරන ලදි. 

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය 
කේ.වී.එල්. එරන්ද (පොලිසිය) විසින් පී.ඩී. විද්‍යාලංකාර (පේරාදෙණිය බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය 
පී.ඒ.ආර්. ප්‍රසන්න (පොලිසිය) විසින් අයි.ඩී. බාලසූරිය (කඳුරට බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය 
කේ.කේ. රස්නායක (යුද හමුදාව) විසින් එච්.ඩී. හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

ලයිට් වෙල්ටර්  (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය 
එන්.එන්. ජයවීර (යුද හමුදාව) විසින් ඩී.සී. නිලංග (පොලිසිය) පරාජය කරන ලදි. 

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය 
එම්.එන්. සමරනායක (යුද හමුදාව) විසින් එම්.එම්. ඒකනායක (යුද හමුදාව) පරාජය කරන ලදි. 

මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය 
ආර්.එස්. රූපසිංහ (යුද හමුදාව) හමුවේ ඒ.එස්. කුමාර (ස්ලිම්ලයින් බොක්සිං සමාජය) නිතරග ජයක් හිමිවිය.  

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය 
පී.එම්. සිල්වා (ගුවන් හමුදාව) විසින් එස්.පී. දේෂප්‍රිය (නාවික හමුදාව) පරාජය කරන ලදි. 

හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය 
ඩී.සී. තිලකරත්න (යුද හමුදාව) විසින් ටී.එස්. තිලකරත්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. 

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය 
ආර්.එම්. අබේසිංහ (යුද හමුදාව) විසින් සී. සනොබලාන්සන් (පොලිසිය) පරාජය කරන ලදි. 

කාන්තා තරග ප්‍රතිඵල 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය 
ආර්.එස්. ඉලංගරත්න (පොලිසිය) විසින් ඒ.ඒ. රණසිංහ (තුරුලි බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය 
ඩී.ඩී. දිනූෂා (තුරුලි බොක්සිං සමාජය) විසින් කේ. ඉන්දුගදේවී  (විදියල් බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය 
ඩී.ආර්. මෙන්ඩිස් (තුරුලි බොක්සිං සමාජය) විසින් ජී.එන්. ප්‍රියදර්ෂා   (ලීනියා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. 

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය 
ටී.එස්. ඉමන්දි (යුද හමුදාව) විසින් එස්. කුමාර්තුස් (විදියල් බොක්සිං සමාජය) පරාජය කරන ලදි. 

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය 
බී.එච්. වීරසිංහ (ප්‍රජාපති බොක්සිං සමාජය) විසින් කේ.එන්. සඳරුවනි (පොලිසිය) පරාජය කරන ලදි. 

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය 
ඒ.කේ. තිවංකා (ගුවන් හමුදාව) විසින් කේ.ඩී. ප්‍රියදර්ෂනී (පොලිසිය) පරාජය කරන ලදි. 

 


අදහස් (0)

වැඩි ගෞරව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.