Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනිසුරු අධීක්‍ෂණ නිලධාරීයෝත් ඔල්වරසන් දෙති

විනිසුරු අධීක්‍ෂණ නිලධාරීයෝත් ඔල්වරසන් දෙති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී පැවැති ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ ලීග් රග්බි තරගයේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ විනිසුරු අධීක්‍ෂණ කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු එක කණ්ඩායමකට සහයෝගය දක්වන ආකාරය දැකගත හැකිවිය. එම තරගයේදීම ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් තනතුරක් දරණ නිලධාරියකුද අත දිගුකරමින් විනිසුරු තීරණවලට එරෙහිව ප්‍රකාශ කරන ආකාරය ද දැනගැනීමට ලැබුණි.  

විනිසුරු අධීක්‍ෂණ කමිටුවේ සාමාජිකයන් දෙදනාම ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ නමගිය නිලධාරීන් දෙදෙනකු වීම කැපී පෙනේ. 

එම නිලධාරීන් දෙදෙනාම ඒ අවස්ථාවේ තරගය සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කරමින් සිටි අතර ඔවුන් එහිදී අත දිගු කරමින් ක්‍රීඩකයන් දිරිගැන්වීමේ සහ විනිසුරුට ඇතැම් දේ පවසන ආකාරය දැකගත හැකිවිය.


 

 


අදහස් (0)

විනිසුරු අධීක්‍ෂණ නිලධාරීයෝත් ඔල්වරසන් දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.