ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය ලබන අගෝස්තු මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අගෝස්තු 2 වැනිදා සිට 5 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 3.00 සිට තරග පැවැත්වෙන අතර 6 වැනිදා පස්වරු 4.00 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය.
මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, විවෘත සහ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ වයස අවුරුදු 18 ත් 40 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් මෙම තරගාවලියට සහභාගී වෙති.
මෙහිදී පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 යටතේ තරග පැවැත්වෙයි. පිරිමි තරග, විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග, විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතික පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් කුසලානය ලබාදීමට නියමිතය.
සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.