Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රනිඳු දිල්ෂාන්ගේ ගමන නවතී

රනිඳු දිල්ෂාන්ගේ ගමන නවතී

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ ඔපෙරින් ග්‍රෙගරි හමුවේ දෙවැනි වටයේදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ රනිඳු  දිල්ෂාන් ලියනගේට ලෝක කුසලාන චෙස් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. වත්මන් ජාතික චෙස් ශූරයා වන රනිඳු , ලෝක කුසලාන චෙස් තරගාවලියකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයාද විය.

ලොව හොඳම චෙස් ක්‍රීඩකයන් 206 දෙනා සහභාගීවන ලෝක කුසලාන චෙස් තරගාවලිය මේ දිනවල පිළිමළුන් පිටුදැකීමේ ආකෘතියට අනුව රුසියාවේ සෝචිහීදී පැවැත්වේ. වත්මන් චෙස් ලෝක ශූරයා වන මැග්නස් කාල්සන් ඇතුළු ලොව ඉහළම පෙළේ චෙස් ක්‍රීඩකයෝ රැසක් මෙවර තරගාවලිය සඳහා සහභාගි වී සිටිති.

තරගාවලියේ ජයග්‍රාහකයන් අතර බෙදාදීම සඳහා රුපියල් මිලියන 450 ක මුදලක් වෙන්කර ඇති අතර ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට රුපියල් මිලයන 30 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනු ඇත. එහිදී පළමු වටයේ ජයග්‍රාහකයන් සඳහාද රුපියල් මිලියනයකට ආසන්න මුදලක් හිමිවනු ඇත.

ඉකුත් වසරේ (2020) ඔක්තෝබර් මාසයේදී පැවති ශ්‍රී ලංකා ජාතික චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගත් රනිඳු , ඉහළ දස්කම් දක්වමින් මේ වසරේදී (2021) පැවති ශ්‍රී ලංකා ගෝන් ප්‍රී චෙස් තරගාවලියද ජයග්‍රහණය කළේය.

-036


අදහස් (0)

රනිඳු දිල්ෂාන්ගේ ගමන නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.