
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත ලෝක ඔලිම්පියාඩ් (රැපීඩ්) චෙස් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම් තරගාවලියේදී මුල් තැන රනිදු දිල්ෂාන් විසින් හිමිකර ගන්නා ලදි. දිනුෂ්කි ප්‍රේමනාත් ක්‍රීඩිකාවන් අතර මුල්තැන ගත්තාය.
රනිදු දිල්ෂාන් මුහුණදුන් තරග වට නවයෙන් ලකුණු 7.5 ක් ලබාගෙන අංක 1 ස්ථානය හිමිකර ගත්තේය. දිනුෂ්කි ප්‍රේමනාත් තරග වට නවයෙන් ලකුණු 6.0 ක් ලබාගෙන ක්‍රීඩිකාවන් අතර මුල්තැන ගත්තාය.
මෙම තේරීම් තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ ජූලි මස 24 සහ 25 දෙදින ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටින 10 දෙනා අතර මෙම තරගාවලිය පැවැත්විණ.

පිරිමි තරගයේ නිල ප්‍රතිඵල
1.රනිදු දිල්ෂාන් (ලකුණු 7.5)
2.මිනුල් දොලුවීර (ලකුණු 6.5)
3.සුසාල් ද සිල්වා (ලකුණු 6.5)
4.ඉසුරු අලහකෝන් (ලකුණු 5)
5.කේ.පී.ආර්.එන්. සමරනායක(ලකුණු4.5)
6.චන්දන විජේකෝන්(ලකුණු4.5)
7.ඒ.ඒ.සී.බී.අමරසිංහ(ලකුණු 4.5)
8.එස්.සිවතනුජන් (ලකුණු 4)
9.සසිත් නිපුන් (ලකුණු 2)
10.රොමේෂ් වීරවර්ධන(0)
කාන්තා තරගයේ ප්‍රතිඵල
1.දිනුෂ්කි ප්‍රේමනාත් (ලකුණු 6)
2.සන්දුලා දහම්දි (6)
3.සචිනි රණසිංහ (5.5)
4.නික්ලේෂා තරුෂි (ලකුණු 5)
5.තරුෂි සංදීපනී (ලකුණු 5)
6.අස්විනි පවලචන්ද්‍රන් (ලකුණු4.5)
7.නෙත්මි ප්‍රනාන්දු (ලකුණු 3.5)
8.ඊෂා පිල්ලේ (ලකුණු 3.5)
9.මනෙලි ඔමායා (ලකුණු3)
10.ඩබ්ලිව්.එම්.එම්.එන්.වීරසිංහ(ලකුණු 3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.