| 
		
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 69 දෙනෙක් පදක්කම් සොයා යති. ක්‍රීඩකයෝ 41 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 28 දෙනෙක් සාග් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත්වෙති.
උස පැනීමේ ශූර මංජුල කුමාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක්ම සිටිති. අනුරාධ කුරේ (මැරතන්), මංජුල කුමාර (උස පැනීම) සහ නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම) එම ක්‍රීඩක ක්‍රිඩිකාවෝ වෙති.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට අමතරව චන්ද්‍රිකා රස්නායක, සුමේධ රණසිංහ, නිලූකා ගීතානි රාජසේකර, ෂෙහාන් අඹේපිටිය වැනි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක්ද කණ්ඩායමේ සිටිති.
එනිසාම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙන්ම කණ්ඩායම් නායක මංජුල කුමාරත් පවසන්නේ රන් පදක්කම් 12 ක් පමණ සාග් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
මේ මස 5 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙම 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගිවේ.
මලල ක්‍රීඩා පිරිමි කණ්ඩායම
හිමාෂ ඒෂාන් (මීටර 100, මීටර 100×4), මොහොමඞ් අෂ්රාෆුල් (මීටර 100, මීටර 100×4), විනෝජ් සුරංජය සිල්වා (මීටර 200, මීටර 100×4), මොහොමඞ් රාජෙෂ්කාන් (මීටර 200), දිලිප් රුවන් (මීටර 400, මීටර 400×4), අජිත් පේ‍්‍රමකුමාර (මීටර 400, මීටර 400×4), ඉදුනිල් හේරත් (මීටර 800), හේමන්ත කුමාර (මීටර 800), චින්තක සෝමවර්ධන (මීටර 1500), සංජීව ලක්මාල් (මීටර 1500), එම්. එස්. පුෂ්පකුමාර (මීටර 5000), ජී. එන්. බණ්ඩාර (මීටර 5000), ලයනල් සමරජීව (මීටර 10000), සමන් කුමාර (මීටර 10000), අනුරාධ කුරේ (මැරතන්), අමිල කුමාර (මැරතන්), හසිත් නිර්මාල් (මීටර 110 කඩුලූ පැන දිවීම), සාලිය රන්දීව (මීටර 110 කඩුලූ පැන දිවීම), අරවින්ද චතුරංග (මීටර 400 කඩුලූ පැන දිවීම), සී. ආර්. සෙනෙවිරත්න (මීටර 400 කඩුලූ පැන දිවීම), මංජුල කුමාර (උස පැනීම), ඒ.කේ.පතිරණ (උස පැනීම), ඉෂාර සදරුවන් (රිටි පැනීම), ඒ.සී.ප්‍රනාන්දු (රිටි පැනීම), ඞී.එම්.ලියනපතිරණගේ (දුර පැනීම), අමිල ජයසිරි (දුර පැනීම), එරන්ද ප්‍රනාන්දු (තුන් පිම්ම), දුලාන් තිලකරත්න (තුන් පිම්ම), ධනුෂ්ක පෙරේරා (යගුලිය විසි කිරීම), යු. පී. ජයවර්ධන (කවපෙත්ත විසි කිරීම), සිසිර කුමාර (මිටිය විසි කිරීම), ඊ. පී. ඇලෙන්සන් (මිටිය විසි කිරීම), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම), සම්පත් රණසිංහ (හෙල්ල විසි කිරීම), ෂෙහාන් අබේපිටිය (මීටර 100×4), එස්.එල්. වික්‍රමසිංහ (මීටර 100×4), උමංග සුරේන්ද්‍ර (මීටර 100×4), කසුන් සෙනෙවිරත්න (මීටර 400×4), කාලිංග කුමාරගේ (මීටර 400×4), මධුමාල් පීරිස් (මීටර 400×4), අංජන ගුණරත්න (මීටර 400×4)
මලල ක්‍රීඩා කාන්තා කණ්ඩායම
රුමේෂිකා රත්නායක (මීටර 100, මීටර 200, මීටර 100×4), චමාලි ප්‍රියදර්ශනී (මීටර 100, දුර පැනීම, මීටර 100×4), එස්. එස්. ජයතිලක (මීටර 200, මීටර 100×4), නදීෂානී වරාගොඩ (මීටර 100×4), එස්.එල්.විදානදුරුගේ (මීටර 100×4), චන්ද්‍රිකා රස්නායක (මීටර 400, මීටර 400×4), ඔමායා උදයංගනී (මීටර 400, මීටර 400×4), ගීතානී පත්මකුමාරි (මීටර 400×4), උපමාලී රත්නකුමාරි (මීටර 400×4), නිර්මාලි මධුෂිකා (මීටර 400×4), නිමාලි ලියනාරච්චි (මීටර 800), ගයන්තිකා අබේරත්න (මීටර 800, මීටර 1500, මීටර 400×4), නිලානි රත්නායක (මීටර 1500, මීටර 5000), එස්. ඒ. ළමාහේවගේ (මීටර 10000), නිලූකා ගීතානී රාජසේකර (මැරතන්), ලක්මිනී අනුරාධී (මැරතන්), ඉරේෂානී රාජසිංහ (මීටර 100 කඩුලූ පැන දිවීම),ලක්ෂිකා සුගන්ධි (මීටර 100 කඩුලූ පැන දිවීම, මීටර 100×4), එරන්ගා දුලක්ෂි (මීටර 400 කඩුලූ පැන දිවීම), කෞෂල්‍යා මධුෂානී (මීටර 400 කඩුලූ පැන දිවීම), තරංගා විනෝදනී (දුර පැනීම), සාරංගී සිල්වා (උස පැනීම), විදූෂා ලක්ෂානී (තුන් පිම්ම), හෂිනි බාලසුරිය (තුන් පිම්ම), තාරිකා ප්‍රනාන්දු (යගුලිය විසි කිරීම), නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම), දිල්හානී ලේකම්ගේ (හෙල්ල විසි කිරීම)
	නිලධාරීන් 
	ඩර්වින් පෙරේරා (ජාතික පුහුණුකරු), යෝගනන්ද විජේසුන්දර, සජිත් ජයලාල්, වයි.කේ.කුලරත්න, ඒ.ජේ.රොද්‍රිගෝ, භද්‍රා ගුණවර්ධන, ලූයිස් මිරෙන්ඩා, චමින්ද පෙරේරා, ඒ.ඞී නන්දාවතී, ප්‍රදීප් නිශාන්ත, පිලිප් රංජිත්, එස්. එන්. අබේසේකර, චන්දන අමරසිංහ, එස්.කේ.ගුණරත්න සහ මංජුල පෙරේරා (කළමනාකරු)
	
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.