Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රිච්මන්ඩ් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

රිච්මන්ඩ් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය අද (3 වැනිදා) සමත්විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 31 ක ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත්විය.

ආදිත්‍ය සිරිවර්ධන (81) අර්ධ ශතකයක් සහ සඳුන් මෙන්ඩිස් කඩුලු 5 ක් දවාගනිමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා ගෙන යෑමට සමත්වූහ.


රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 207
(ආදිත්‍ය සිරිවර්ධන 81, සඳුන් මෙන්ඩිස් 30, දිමුත් සඳරුවන් 24, කවිඳු නදීශාන් 54/3, අභීත අමන්ධ 09/2, අරෝෂණ ද සොයිසා 50/2)

ධර්මාශෝක විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 176
(සමීන් සනුල 38, අරෝෂණ ද සොයිසා 32, දිනුක දිල්ෂාන් 26, සඳුන් මෙන්ඩිස් 36/5, දිලුම් සුධීර 23/2)

 


අදහස් (0)

රිච්මන්ඩ් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.