තුන් වතාවක්ම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වූ මොහොමඞ් අලී නිව්මෝනියාව හේතුවෙන් රෝහල් ගතකළ බව බී. බී. සී. පුවත් සේවය වාර්තා කරයි. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පාකින්සන් රෝගයෙන් පෙළෙමින් සිටින මොහොමඞ් අලී, ස්ථාවර තත්ත්වයෙන් සිටින බව ඔහුගේ ප‍්‍රකාශක බොබ් ගනෙල් පැවසීය.
”රෝග විනිශ්චයේ ඒ තරම් බරපතළ දෙයක් නෑ” යයි කී ගනෙල් මේ වන විට 72 හැවිරිදි වියේ සිටින හිටපු හෙවිවේට් ශූරයා වැඩි දවසක් රෝහලේ ගතනොකරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
වෙනත් තොරතුරු ප‍්‍රකාශ කිරීමට මැළිවූ බොබ් ගනෙල්, අලී පවුලේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු බවද පැවසීය. මේ හේතුව නිසාදෝ මොහොමඞ් අලී ඇතුළත් කර ඇත්තේ කිනම් රෝහලකට යන්න පවා හෙළිකර නැත.
1981 දී බොක්සිං කී‍්‍රඩාවෙන් සමුගත් මොහොමඞ් අලී 1984 සිට පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටී. ඔහු අවසන් වරට ප‍්‍රසිද්ධ අවස්ථාවක පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුගේ ගම් ප‍්‍රදේශය වන ලූවිවිල්හි පැවැති මොහොමඞ් අලි මානවවාදී සම්මාන උළෙලේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.