Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මොස්කව් තරගාවලියට ගුවන් හමුදාවෙන් 4 ක්

මොස්කව් තරගාවලියට ගුවන් හමුදාවෙන් 4 ක්

editorial - 2021 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පනස් අටවැනි ජාත්‍යන්තර සන්නද්ධ සේවා ක‍්‍රීඩා බොක්සිං තරගවලිය සදහා සහභාගි වන ශි‍්‍ර ලංකා කණ්ඩායමට ගුවන් හමුදා කි‍්‍රඞීකාවන් සිව් දෙනෙකුද, විනිසුරුවකු ලෙස ගුවන් හමුදාවේ ස්කොඞ්න් ලිඩර් ප‍්‍රසාද් විජේසිංහ මහතාද ඇතුළත්ව සිටිති. තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුහු අද (16 වැනිදා) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියහ. 

මෙම තරගාවලියට සහභාගි වන නායක ගුවන් කාන්තා චමෝදි පස්යාල, කිලෝ ග‍්‍රෑම් 57 බර පංතිය යටතේ 2019 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය, 2018 සහ 2019 ජාතික බොක්සිං තරගාවලි ජයග‍්‍රහණය කර ඇත. 
 
නායක ගුවන් කාන්තා සජීවනි කුරේ කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේ 2018 සන්නද්ධ සේවා බොක්සිං තරගාවලිය, 2018 සහ 2019 ජාතික බොක්සිං තරගාවලි, 2018 තායිලන්ත විවෘත බොක්සිං තරගාවලිය, 2019 ජාත්‍යන්තර සන්නද්ධ සේවා බොක්සිං තරගාවලිය, 2019 දකුණු ආසියානු බොක්සිං තරගාවලිය, 2019 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය යන තරගාවලි ජයග‍්‍රහණය කර ඇත. 

නායක ගුවන් කාන්තා කෂ්මි තිවංක කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය යටතේ 2018 ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය, 2019 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය, 2018 සහ 2019 ජාතික බොක්සිං තරගාවලි යන තරගාවලි ජයග‍්‍රහණය කර ඇත. නායක ගුවන් කාන්තා ගයනි කලූආරච්චි කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේ 2018 ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය, 2019 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඞ් කුසලාන බොක්සිං තරගාවලිය යන තරගාවලින් ජයග‍්‍රණය කර ඇත. 

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩා සංචිතයේ සභාපති ලෙස ගෲප් කපිතාන් ඉන්දික වික‍්‍රමසිංහ මහතාද, ලේකම්වරයා ලෙස විංග් කර්මාන්ඩර් විරාජ් ගමගේ මහතාද කටයුතු කරති. ප‍්‍රධාන පුහුණුකරු ලෙස නායක ගුවන්භට ධනුෂ්ක ආරියරත්න මහතා මෙම කණ්ඩායමට එක්ව සිටියි. 

-036 


අදහස් (0)

මොස්කව් තරගාවලියට ගුවන් හමුදාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.