Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ශනුක අරවින්ද - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මොරටු මහ විද්‍යාලය සමත් විය.

එහිදී මොරටු මහ විද්‍යාලයේ මධුෂාන් දිලක්ෂණ (100) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම නදිත් මිෂේන්ද්‍ර ලකුණු 34 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 118
(එම්. ශාදුල්ලා 20, නදිත් මිෂේන්ද්‍ර 34/7, එරාන් හංසමාල් 43/2)

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 81 කදී සියලු දෙනා දැවී 228
(මධුෂාන් දිලක්ෂණ 100, ජනිත් සෙමිත් 37, එම්. කලිඞ් 25/3, එම්. රිෆාත් 67/3, එම්. දිල්හාන් 45/2)

සහිරා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 62 කදී කඩුලු 5 ක් දැවී 201
(එම්. ශාදුල්ලා 93, දුල්සර සමින්ද 51, එම්. ස්ලාසා 34, එරාන් හංසමාල් 59/2)

-036


අදහස් (0)

මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.