අන්තර් ප්‍රජා මණ්ඩල මේසපන්දු තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය සමත් විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම ප්‍රජා මණ්ඩලයේ ආර්. එම්. එල්. චතුරංග සහ රාමා හම්සා සම්මාන දිනාගත්හ.
බෙල්මොන්ට් ප්‍රජා මණ්ඩලයේ එම්. එල්. උමේර් පරාජය කරමින් විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් ආර්. එම්. එල්. චතුරංග, ඒ. වයි. ප්‍රමෝධ සමග එක්ව තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලයේම චතුර මධුවන්ත සහ සී. ඉන්ද්‍රජිත් පරාජය කරමින් විවෘත පිරිමි යුගළ ශූරතාවද දිනා දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.
තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලයේ හේෂිනී කාවින්ද්‍යා පරාජය කරමින් විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් රාමා හම්සා, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ හේෂිනී කාවින්ද්‍යා සමග එක්ව තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලයේ රිතූෂා හංසනී සහ සනාලි සානාරා පරාජය කර විවෘත කාන්තා යුගළ ශූරතාවද දිනාගනිමිනි.
තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල ‘බී’ කණ්ඩායම පරාජය කරමින් පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල ‘ඒ’ කණ්ඩායම සමත් විය.
කාන්තා කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල කණ්ඩායම සමත් වූයේ කුප්පිවත්ත ප්‍රජා මණ්ඩල කණ්ඩායම පරාජය කරමිනි.
කොළඹ නගර සභාවේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම තරගාවලිය, තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල ශාලාවේදී පැවැති අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ නගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ශාලිකා රණවීර මහත්මිය සහභාගි වූවාය.
තරග ප්‍රතිඵල
■ විවෘත පිරිමි කේවල තරගය
ආර්. එම්. එල්. චතුරංග (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) විසින් තරග වට 2-0 ක් ලෙස එම්. එල්. උමේර් (බෙල්මොන්ට් ප්‍රජා මණ්ඩලය) පරාජය කරන ලදි. (11/7, 12/10)
■ විවෘත පිරිමි යුගළ තරගය
ආර්. එම්. එල්. චතුරංග සහ ඒ. වයි. ප්‍රමෝධ (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) විසින් තරග වට 2-0 ක් ලෙස චතුර මධුවන්ත සහ සී. ඉන්ද්‍රජිත් (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) පරාජය කරන ලදහ. (11/5, 11/6)
■ විවෘත කාන්තා කේවල තරගය
රාමා හම්සා (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) විසින් තරග වට 2-0 ක් ලෙස හේෂිනී කාවින්ද්‍යා (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) පරාජය කරන ලදි. (11/2, 11/5)
■ විවෘත කාන්තා යුගළ තරගය
රාමා හම්සා සහ හේෂිනී කාවින්ද්‍යා (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) විසින් තරග වට 2-0 ක් ලෙස රිතූෂා හංසනී සහ සනාලි සානාරා (තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩලය) පරාජය කරන ලදහ. (11/6, 11/5)
■ පිරිමි කණ්ඩායම් තරගය
තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල ‘ඒ’ කණ්ඩායම විසින් තරග වට 3-0 ක් ලෙස තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
■ කාන්තා කණ්ඩායම් තරගය
තිඹිරිගස්යාය ප්‍රජා මණ්ඩල කණ්ඩායම විසින් තරග වට 3-0 ක් ලෙස කුප්පිවත්ත ප්‍රජා මණ්ඩල කණ්ඩායම පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.