රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 30 ක් ලබාගත් මහනුවර මහනගර සභාව සමත් විය. තියුණු සටනකින් අනතුරුව ලකුණු 26 ක් ලබාගත් කොළඹ නගර සභාව සමස්ත අනුශූරතාව හිමිකර ගත්තේය.
මෙහි ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව මහනුවර නගරසභාව දිනාගත්තේය. කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායම විසිනි.
කොළඹ නගරසභාවට ‘ඒ’ කාණ්ඩායේ පිරිමි අනුශූරතාව හිමිවිය. කාන්තා අනුශූරතාව යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හිමිකරගන්නා ලදි.
තරගාවලියේ පිරිමි අංශයේ තරග ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ කාණ්ඩ යටතේ පැවැති අතර ‘බී’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකා රේගුව විසින්ද, ‘සී’ කාණ්ඩයේ ශූරතාව ශී‍්‍ර ලංකා පොලිසිය විසින්ද, ‘ඞී’ කාණ්ඩයේ ශූරතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්ද දිනාගන්නා ලදි.
රාජ්‍ය සේවා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය යාපනය මැදි විදුහලේදී පැවැත්විණ.
පිරිමි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මහනුවර නගර සභාව
අනුශූරතාව - කොළඹ නගර සභාව
කාන්තා ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අනුශූරතාව - යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව
පිරිමි ‘බී’ කාණ්ඩය
ශූරතාව - ශ්‍රී ලංකා රේගුව
අනුශූරතාව - ගෝනාපීනුවාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය
පිරිමි ‘සී’ කාණ්ඩය
ශූරතාව - ශ්‍රී ලංකා පොලිසිය
අනුශූරතාව - අධ්‍යාපන දෙපාර්තමේන්තුව
පිරිමි ‘ඞී’ කාණ්ඩය
ශූරතාව - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අනුශූරතාව - මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.