Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහේෂි අවසන් පූර්ව වටයට
ආසියානු ක්‍රීඩා

මහේෂි අවසන් පූර්ව වටයට

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

චීනයේ හංජෝ නුවර දී ආරම්භ වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඔරු පැදීම තරගාවලියේ මීටර් 2000 කාන්තා කේවල (තනි හබල) ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා මහේෂි චන්ද්‍රකුමාරි ලියනගේ සමත් වූවාය.

ඇය මූලික වටයේ දී විනාඩි 8 තත්පර 53.68 කින් තරගය නිම කළාය.  එහිදී ඇය දෙවැනි තැනට තරගය නිමා කරන අතර චීන ක්‍රීඩිකා ලියු රුයිකි විනාඩි 8 තත්පර 00.74කට මෙහි ජයග්‍රාහිකාව වූවාය.

මෙම තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සහභාගි වී සිටිති. ආසියානු ක්‍රීඩා ඔරු පැදීමේ තරගාවලිය ලබන සඳුදා (25) දක්වා පැවැත්වේ.


අදහස් (0)

මහේෂි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.