ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 43 වැනි ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ මහානාම විදුහල සමත් විය. අනු ශූරතාව හොරණ විද්‍යාරතන පිරිවෙන හිමිකර ගත්තේය.
රන් පදක්කම් 4 ක් දිනාගනිම්න් මහානාම විදුහල ශූරතාවට හිමිකම් කී අතර හොරණ විද්‍යාරතන පිරිවෙන අනු ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 3 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 2 ක් දිනාගත් කොළඹ රාජකීය විදුහල තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
මහානාම විදුහලේ කේ. ජේ. ප්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර මහනුවර විද්‍යාර්ථ විදුහලේ ජී. සී. එම්. අමරසිංහ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය.
දින 7 ක් පුරා මහානාම විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 50 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.