Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ හයවැනි සතියේ දෙවැනි තරගය ලෙස බම්බලපිටිය පොලිස් පිටියේදී ඊයේ (15) පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 41-19 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
පොලිස් පිල මෙවර තරගාවලියේ ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ.
මෙහිදී පොලිස් පිල ගෝල හතරකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. යුද හමුදා පිලට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් පිල ලකුණු 27-0 ක් ලෙස පෙරමුණේ පසු විය.
පොලිස් පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ රසිත් සිල්වා උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් සාර්ථක කිරීමට සමත් වූහ. නිසල් සමාධි, සචිත් සිල්වා, සුජාන් කොඩිතුවක්කු සහ මූමර් ඩීන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.
යොහාන් පීරිස් ගෝල ප්‍රවර්ථන තුනක් ද, ජනිත් චන්දිමාල් ගෝල ප්‍රවර්ථනයක් ද, සාර්ථක කරමින් පොලිස් පිලට අතිරේක ලකු-ණු එකතු කළහ.
අරවින්ද කරුණාරත්න, රිෂ්වි මොහොමඞ් සහ නලීන් ප්‍රේමරත්න යුද හමුදා පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. ගයාන් සාලින්ද ගෝල ප්‍රවර්ථනය දෙක සාර්ථ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.