වස්කඩුව සිට‍්‍රස් හෝටලයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අනුශූරතාව හිමිකරගැනීමට සමත් වූහ.
රන් පදක්කම් 13 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගත් ඉන්දියාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. රන් පදක්කම් 1 බැගින් දිනාගත් දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව තෙවැනි ස්ථානයට පත්විය.
බාලක අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයෙන් තරග වැදුණ මිනුල් දොලූවිර සහ බාලක අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයෙන් තරග වැදුණ මාලන් පතිරණ ශ‍්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් 2 ට හිමිකම් කීහ. මෙම තරගාවලිය සදහා රටවල් 10 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 350 ක් පමණ සහභාගි වූහ.
එහිදී අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා තරග පැවැති අතර විවෘත සහ අවුරදු 60 න් ඉහළ යන කාණ්ඩ යටතේ පිරිමි සහ කාන්තා තරග පැවැත්විණ.
විවෘත පිරිමි කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ගැනීමට ඉන්දීය ක‍්‍රීඩක අභිජිත් ගුප්තා සමත් වූ අතර විවෘත කාන්තා කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ඉන්දීය ක‍්‍රීඩිකා ටානියා සච්දෙව් සමත් වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.