Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම්ට

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම්ට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ වයස 15 න් පහළ සමස්ත ලංකා පාසල් පැසි පන්දු තරගාවලියේ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසල විසින් දිනා ගන්නා ලදී.

අවසන් මහා තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 44-40 කින් පරදවා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ ශූරතාව දිනාගත්හ.

මුලික වටයේ තරගවලදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් පිල විසින් යහපත් එඬේරාගේ කන්‍යාරාමය, ආව මරියා කන්‍යාරාමය, ප්‍රෙස්බෙටේරියන් කාන්තා පාසල සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරන ලදී.

මෙම තරගාවලියේ වටිනාම කී‍්‍රඩිකාව ලෙස ලූබීනා මෝසෙත ද, ආක‍්‍රමණශීලි ක‍්‍රීඩිකාව ලෙස හසිනා අබ්දුල් ද සම්මාන ලැබුහ.

 

 

 

 

 

 

 

 

 

 

 


- 090


අදහස් (0)

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.