ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලිය හෙට (19 වැනිදා) සහ අනිද්දා (20 වැනිදා) පුත්තලම නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ. දිවයිනේ පළාත් 9 ම නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වී සිටිති.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී රේසිං සහ ස්ටෑන්ඩඞ් යන කාණ්ඩ අනුව පිරිමි සහ කාන්තා තරග පැවැත්වේ. ඉන් රේසිං පාපැදි තරග හෙට දිනයේදීද, ස්ටෑන්ඩඞ් පාපැදි තරග අනිද්දා දිනයේදීද පැවැත්වීමට නියමිතය.
එහි පිරිමි තරග පුත්තලම නගරයේ සිට වාරියපොල නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් වෙයි. එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 140 කි.
කිලෝ මීටර් 50 ක දුර ප්‍රමණයකින් සමන්විත වන කාන්තා තරග පුත්තලම නගරයේ සිට ආණමඩුව නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.