ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පාපන්දු තරගාවලියේ (පිරිමි) ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැති තරගයෙන් මාලදිවයින ගෝල 3-1 ක ජයක් ලැබීය. මෙම පරාජයත් සමග තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගිලිහී යාමේ අවදානමකට ශී‍්‍ර ලංකාව මුහුණ දී සිටී.
ඉන්දියාව සහ මාලදිවයින අතර හෙට (10) පැවැත්වෙන ‘ඒ’ කාණ්ඩයේ මුලික වටයේ අවසන් තරගයෙන් ඉන්දියාව පරාජය වුවහොත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවේ. සාග් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඉන්දියාව පරදවා ශ‍්‍රී ලංකාව (ගෝල 1-0) ජය ගත්තේය.
මාලදිවයිනට එරෙහිව පැවැති තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එකම ගෝලය ලබා ගත්තේ තරගයේ 61 වැනි මිනිත්තුවේදී නායක සී. එම්. රිෆ්නාස් විසිනි. රිෆ්නාස් ඉන්දියාවට සම`ග පැවැති තරගයේද ද`ඩුවම් පහරක් මගින් ගෝලය ලබා ශ‍්‍රී ලංකාවට ජය ගෙනදුන් ක‍්‍රීඩකයාය.
මාලදිවයින් කණ්ඩායම වෙනුවෙන් අහ්මඞ් නසීඞ් තරගයේ 10 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර අන්සාර් ඉබ්රහීම් තරගයේ 28 සහ 58 මිනිත්තුවලදී ගෝල දෙකක් ලැබීය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.