වැල්ලවත්තේ සිට අම්බලන්ගොඩ නගරය දක්වා අද (27) පැවැති ‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත කාන්තා රේසිං පාපැදි තරගය ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකා පංචලී සුලෝචනා සමත්වුවාය. තරගකාරිණියන් 26 දෙනකු අභිබවා යමින් ශූරියට පිරිනැමෙන ලක්‍ෂ දෙකක ත්‍යාග මුදල සුලෝචනා දිනා ගත්තේ පැය 2 යි විනාඩි 31.03 කින් තරග අවසන් කරමිනි.
තරගයේ පළමු, දෙවන සහ තෙවැනි ස්ථානයන් ගුවන් හමුදාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දිනා ගැනීම කැපී පෙනේ. දෙවැනි ස්ථානය මධුෂානි රණසිංහ දිනා ගත් අතර දිනේෂා දිල්රුක්‍ෂි තෙවැනි ස්ථානය ලැබුවාය.
මෙම ක්‍රීඩිකාවන් තිදෙනාම ඉන්දියාවේ පැවැති පසුගිය සාග් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුවෝ වෙති. එහිදී තෙවැනි ස්ථානය ලද දිනේෂා දිල්රුක්‍ෂි ‘ක්‍රයිටීරියම්’ කාන්තා තරගයේ ලෝකඩ පදක්කම් ලාභිණියක් වේ.
කාන්තා තරගයේ ජයග්‍රාහිකාවන් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල රුපියල් 575000 කි.
දෙවැනි ස්ථානය දිනාගත් මධුෂානිට රුපියල් 150000 ක්ද, තෙවැනි ස්ථානය ලැබු දිනේෂාට රුපියල් 100000 ක්ද ලෙස පස්වැනි ස්ථානය දිනාගත් තරගකාරිය දක්වා ත්‍යාග පිරිනැමිණ.
කාන්තා පාපැදි සවාරියේ ප්‍රතිඵල
(කොළඹ අම්බලන්ගොඩ දක්වා කිලෝමීටර 80)
1. පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව පැය. 2 විනාඩි 31 තත්ත්පර 03)
2. මධුෂානි රණසිංහ (ගුවන් හමුදාව- 2.35.23),
3. දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව- 3.28.00),
4. මනෝමි කුමාරි (දෙහිඅත්තකණ්ඩිය ලිහිණි 2.40.00),
5. ලසන්ති ගුණතිලක (යුද හමුදාව- 2.40.00),
6. අයේෂා මධුෂානි (නාවික හමුදාව- 2.40.00),
7. යූ.ඩී. ශ්‍රියාලතා (අනුරාධපුරය රංජිත් අනුර- 2.40.00),
8. සන්ධ්‍යා කුමාරි (සිවිල් ආරක්ෂක- 2.40.00),
9. එම්.ආර්.එම්. රූපවතී (සිවිල් ආරක්ෂක- 2.40.00),
10. සොන්ටල් සිරිසේන (බත්තරමුල්ල චාමි- 2.40.00)
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.