දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේ පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තද, එහිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිබඳව දැනුවත් කිරීමට ඔහු අපොහොසත් වීම විමතියට කරුණක් විය.
උක්ත තරගාවලිය පසුගිය 17 වැනිදා නිමාවට පත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (18 වැනිදා) රාත‍්‍රියේ දිවයිනට ලගා විය. එදින ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලධාරීන් කිහිපදෙනෙක්ම ගුවන්තොටුපලට ගොස් සිටියද, ශ්‍රී ලංකාව දිනා සිටි පදක්කම් ප‍්‍රමාණය හැරුණුකොට එම පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිබඳව දැනුවත් කිරීමට ඔවුන්ට අවබෝධයක් නොතිබිණ.
තරගාවලියේ අවසන් දිනය වූ 17 වැනිදා ‘ලංකාදීප’ කළ විමසුමකදී මේසපන්දු ලේකම්වරයා කියා සිටියේ ඒ වන විට ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක් හිමි වී ඇති බවත් එම පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කවුදැයි යන්න තමන් හරියටම නොදන්නා බවයි.
එසේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරිණියගේ දුරකථන අංකයක් ඉල්ලා සිටියද, ඔහු කියා සිටියේ කලමණාකාරිණියගේ දුරකථන අංකය කි‍්‍රයා නොකරන බවයි.
එතැන් සිට කිහිප වරක්ම ඔහු දුරකථනය මගින් සම්බන්ධ කරගත්තද ඔහුගේ පිළිතුරේ වෙනසක් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේදී (19 වැනිදා) නැවත වරක් ලේකම්වරයා ඇමතුවද ඒ මොහොතේදීද පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නම් ලැයිස්තුව ලබා දීමට ඔහු අසමත් විය. ඒ වෙනුවට ඔහු කියා සිටියේ එම ලැයිස්තුව විද්‍යුත් තැපෑල මගින් ලැබෙන්නට සලස්වන බවකි.
විද්‍යුත් තැපෑල මගින්ද අප බලාපොරොත්තු වූ තොරතුරු ලබාදීමට ඔහුට නොහැකි වූ කළ ඔහු දුරකථනයට පිළිතුරු දීමෙන් වැලකී සිටියේය. අවසානයේ කණ්ඩායමේ කලමණාකාරිණියගේ දුරකථන අංකය අප වෙත කෙටි පණිවිඩයක් මගින් යොමු කළ ලේකම් වරයා එහි සඳහන් කර තිබුණේ අපට අවශ්‍ය තොරතුරු කලමණාකාරිණියගෙන් ලබාගන්නා ලෙසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.