ඉතාලි විවෘත ටෙනිස් තරගාවලියේදී ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් හිටපු පරණ ප්‍රතිවාදියෙකු මෙන්ම ලොව අංක 1 ස්ථානයේ රැදී සිටී නොවැක් ජොකෝවික් ලකුණු 7-6, 7-4 සහ 6-3 ලෙස පරාජයට පත් කරමින් අවසන් මහ තරගයට පිවිසියේය.
රෆායෙල් හා ජොකෝවික් මෙලෙස එකිනෙකාට හමුවී ඇති 51 වෙනි වතාව වීමද විශේෂත්වයකි. රෆායෙල් නඩාල්ගේ මෙම ජයග්‍රහණයත් සමග ඔහු ඉතාලි විවෘත තරගාවලියේ අවසන් වටයකට සුදුසුකම් ලබන්නේ 2014 වසරින් පසුවය. 2014 වර්ෂයේදීත් ජොකෝවික් හමුවේ පරාජයට පත්වන නඩාල්ට අනුශූරතාකයෙන් සෑහීමට සිදු විය.
මෙවර රෆායෙල් නඩාල් තරගය ජයග්‍රාහී අයුරින් අවසන් කළද, කලක් ආබාධයට ලක්ව සිට මෙවර තරගාවලියට එක් වූ ජොකෝවින් ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් විය.
“ ඔහුට එරෙහිව ක්‍රීඩා කිරිම නිතරම විශාල අභියෝගයක්. ඔහු හොදින් සෙල්ලම් කළා.මට ඔහු සමග ක්‍රීඩා කරන විට තරමක් ආක්‍රමණශීලි වීමට අවශ්‍ය වුණා. මම ඒ දේ කලේ පාලනයක් ඇතුව යැයි නඩාල් ජයග්‍රහණයෙන් අනතුරුව කියා සිටියේය.
රෆායෙල් නඩාල් ඉතාලි විවෘත තරගාවලිය 7 වරක් ජයග්‍රහණය කර ඇති අතර නොවැක් ජොකෝවික්ට ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ සිව් වතාවක් පමණි.
රෆායෙල් නඩාල් අද (20) ජර්මන් ක්‍රීඩක ඇලෙක්ඇන්ඩර් වේරේව් සමඟ අවසන් තරගයට එක් වනු ඇත.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.