දකුණු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සංවිධානය කළ දකුණු පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ගාල්ල දිස්ත්‍රික්කයේ කේ. අමිල ද සොයිසා සමත්විය. වී.ජී. දිලිනි කුමාරි, කාන්තා කේවල ශූරතාව දිනා ගත්තාය.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වු මෙම තරගාවලිය බද්දේගම නගර සභා ශාලාවේදී පැවැත්විණි.
ජාතික මහා ක්‍රීඩා උළෙලට මෙම වසරේදී එක් වු කැරම් තරගාවලියට සහභාගිවන දකුණු පළාත් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා මෙම තරගාවලිය පැවැත්විණි.
පිරිමි කේවල ඉසව්වේ අනුශූරතාව නිපුන දයාන් සුදුවැල්ල දිනාගත් අතර ඩී. එම්. රේණුකා මල්කාන්ති කාන්තා කේවල ඉසව්වේ අනුශූරතාව ලැබීය. මනෝජ් නාමල් සුදුසිංහ සහ තිළිණි මධුෂිකා මැදගොඩ පිළිවෙලින් පිරිමි සහ කාන්තා කේවළ ඉසව්වන්’හි තෙවැනි ස්ථාන ලැබුහ.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් තුමුල නාඔටුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරේ.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.