Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 දා සිට

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 දා සිට

ශනුක අරවින්ද - 2017 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 65 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශය යටතේ ප්‍රධාන කණ්ඩ 5 ක් (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ) යටතේ තරග පැවැත්වේ. වයස 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 55 ට වැඩි ප්‍රවීණයන් සඳහාද එහිදී කේවල සහ යුගළ තරග පැවැත්වේ.

කනිෂ්ට අංශය යටතේ වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම කේවල සහ යුගළ තරග පැවැත්වේ.

මෙවර තරගාවලියේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුලු මුදල රුපියල් ලක්ෂ හතක් (700,000) වන අතර විවෘත පිරිමි ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට සහ විවෘත කාන්තා ශූරතාව දිනාගන්නා ක්‍රීඩිකාවට රුපියල් හැට පන්දහස (65,000) බැගින් පිරිනැමීමට නියමිතය.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ඊයේ (24 වැනිදා) පස්වරු 5.00 ට ඇවසන් වීමට නියමිතව තිබූ අතර පෙරේදා (23 වැනිදා) වන විට ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 650 ක් පමණ ලියාපදිංචි වී සිටියහ.

මෙවර තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ජාතික ශූරතාව 16 වරක් ජයගෙන සිටින නිලූක කරුණාරත්න පිරිමි අංශයෙන්ද, ජාතික ශූරතාව 11 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා අංශයෙන්ද පෙරමුණේ පසුවෙති.

ඉකුත් වසරේදී පැවැති තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමටද නිලූක කරුණාරත්න සමත් වූ අතර එවර කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ තිළිණි හෙන්ඳහේවා විසිනි.


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.