Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික පාපැදි ශූරතාවලිය හෙට සිට

ජාතික පාපැදි ශූරතාවලිය හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පාපැදි ශූරතාවලිය හෙට සහ අනිද්දා (17 සහ 18) අනුරාධපුරයේදී පැවැත්වේ. ඊට තරගකරුවන් සහ තරගකාරියන් 200 ක් පමණ සහභාගි වන බව තරගාවලිය සංවිධානය කරන අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමය පවසයි.

මෙවර තරගාවලිය සඳහා විශේෂාංග රැණනාවක් එක් කර ඇතැයි එම සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා පවසයි. පළමු වතාවට ජාතික පාපැදි ශූරතාවලියකට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහයට යන කළමණාකරුවන් ඇතුළු සෙසු නිලධාරීන් සඳහා ආධාරක වහනයක් බැගින් ලබාදීමට කටයුතු කර ඇතැයි උපුල් චන්දන මහතා පවසයි.

ඒ අනුව දිස්ත‍්‍රික් කළමණාකරුවන් 11 දෙනකුට එම වාහන හිමිවන අතර එම වාහන හැර යතුරුපැදිද ද ඇතුළුව වෙනත් කිසිඳු ආධාරක වාහනයක් තරග අවස්ථාවලදී ධාවන මාර්ගයේ ගමන් කිරීමට ඉඩ නොදෙන බවත් තරග සංවිධායකයෝ අවධාරණය කරති.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ද ඇතුළුව තරගාවලියට සහභාගි වන සියලූම නිලධාරීන් ද සහභාගි කර ගනිමින් සමාරම්භක උත්සවක් හෙට පස්වරු 6.00 ට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍රානයේදී පැවැත්වේ.

නිරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා පාපැදියෙන් ලැබෙන ප‍්‍රයෝජනය සිහිපත් කරමිාන්  ඕනඍම අයෙකුට සහභාගි විය හැකි පාපැදි රැළියක් අනිද්දා (18) පෙරවරුවේ පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

මෙවර ජාතික තරගාවලියේ ගමන් මාර්ග සුවිශේෂි බවක් ගන්නේ එය අනුරාධපුරයේ ජූජනිය අටමස්ථානයේ ස්ථාන කීපයක් සහ වැව් කීපයක් හරහා අලංකාර මගක් ඔස්සේ සකස් කර තිබීමය.

කාලය මැනීමේ තරගය අනුරාධපුර ඉලන්දගහ වැව හංදිය, ඇලපත්තුව, උලූක්කුලම හරහා පැවැත්වේ. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍රානය අසළින් ආරම්භව ශ්‍රී මහා බෝදිය මාවත, භික්‍ෂු විදුහල, රුවන්වැලි සෑය, බසවක්කුලම සුනාහත හංදිය, මිරිසවැටිය, තිසාවැව, පණ්ඩුල ගම, පොතානගම හංදිය හරහා වට තරගයක් ලෙස මාර්ග ධාවන ඉසව්ව පැවැත්වීමට නියමිතය.

ජාතික පාපැදි අතරු කමිටුව මෙහෙයවන තරගාවලියේ ප‍්‍රධාන විනිසුරු ලෙස අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා කටයුතු කරයි.

ජයග‍්‍රාහකයන් සඳහා පදක්කම් සහ ශූරතා කුසලාන ප‍්‍රදානය කෙරෙන අතර තරගාවලිය සඳහා ජාතික පාපැදි අතුරු කමිටුවෙන් අනුග‍්‍රහයක් ඉල්ලා තිබුණු අතර අනුරාධපුර දිස්ත5ික් පාපැදි සංගමයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් වන විටත් කමිටුවෙන් ප‍්‍රතිචාර ලැබී නොතිබුණු බවයි.

අනුරාධපුරේදි අවසන් වරට ජාතික පාපැදි තරගාවලිවය පවත්වා ඇත්තේ වසර 2002 දීය. මේ අතර තරග අවස්ථාවලදී පාපැදි අබලන් වන තරගකරුවන්නට උපකාර කිරීම සඳහා විශේෂ සේවකයන් ද තරග සංවිධායකයන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කෙරේ.

අද පස්වරු 5.00 ට කණ්ඩායම් කළමණාකරුවන්ගේ රැස්වීම අනුරාධපුර මහ නගර සභා ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

ජාතික පාපැදි ශූරතාවලිය පැවැත්වෙන ආකාරය

අගෝස්තු 17
පෙරවරු 9.00 :- කනිෂ්ඨ කාන්තා, පෙරවරු 9.30 : කනිෂ්ඨ පිරිමි, පෙරවරු 10.30 : සුපිරි කාන්තා, පෙරවරු 11.30 : වයස 23 න් පහළ පිරිමි, පස්වරු 12.40 : සුපිරි පිරිමි

අගෝස්තු 18
පෙරවරු 8.00 : ආබාධිත සහිත වූවන් සඳහා, පෙරවරු 8.30 : කනිෂ්ඨ පිරිමි, පෙරවරු 8.40 : සුපිරි කාන්තා, පෙරවරු 8.45 : කනිෂ්ඨ කාන්තා, පෙරවරු 11.00 : ප‍්‍රවීණයන් (වයස 45 ත් 55 ත් අතර) සඳහා, පෙරවරු 11.45 : ප‍්‍රවීණයන් (වයස 55 ට වැඩි) සහ පස්වරු 12.30 : වයස 23 න් පහළ සුපිරි . පිරිමි)


අදහස් (0)

ජාතික පාපැදි ශූරතාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.