Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල ඊයේ (12) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 15-18 කින් සත්කාර චීන තායිපේ පිල හමුවේ පරාජයට පත්විය.
ජයග්‍රාහි චීන තායිපේ පිල උත්සාහක දිනුම් තුනකින් සහ දඬුවම් පරකින් ලකුණු රැස්කළේය. ශ්‍රී ලංකා පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු විය.
පළමු අර්ධය අවසන් වන විට චීන තායිපේ පිල ලකණු 8-5 ක් ලෙස පෙරමුණේ පසුවිය. ශ්‍රී ලංකා පිලට එම අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී ඉෆාම් ෆාරිද් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තුවාන් ශාමිල් දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරත් සමඟ ලකුණු පුවරුව 8-8 ක් ලෙස සමවිය.
දෙවැනි අර්ධයේ 19 වැනි මිනිත්තුවේදී මුබීන් ෆලීල් සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟින් ලකුණු සංඛ්‍යාව 13-13 ක් ලෙස දෙවැනි වරටත් සම වූ අතර මුබීන් ෆලීල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පළමු වරට ලකුණු 15-13 ක් ලෙස ඉදිරියට පැමිණියේය.
දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී එකතු වූ උත්සාහක දිනුමත් සමගින් චීන තායිපේ පිල ලකුණු 18-15 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය. අවසන් මිනිත්තු 15 තුළදී දෙපිලටම ලකුණු රැස්කිරීමට නොහැකි විය.
ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන දෙවැනි තරගය හොංකොං පිලට එරෙහිව සෙනසුරාදා (15) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.