Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමින්ද සිල්වා අභියෝග කුසලාන මැඩොන්සාට

චමින්ද සිල්වා අභියෝග කුසලාන මැඩොන්සාට

Nisanka Sandeepani - 2018 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ තරුණ කැළ සහ චමින්ද සිල්වා සහයෝගිතා පදනම එක්ව 8 වැනි වරටත් සංවිධානය කළ ‘චමින්ද සිල්වා අභියෝග කුසලාන’ විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගය ජයගැනීමට අවිශ්ක මැඩොන්සා සමත් විය. කිලෝ මීටර් 142 ක දුරකින් සමන්විත වූ එම තරගය නිමා කිරීම සඳහා ඔහුට පැය 4 යි, විනාඩි 12 යි, තත්පර 22 ක කාලයක් ගත විය. 

ඉකුත් සෙනසුරාදා (19 වැනිදා) පෙරවරු පෙරවරු 9.30 ට මිනුවන්ගොඩ ඇලිස්පාක් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ මෙම තරගය දිවුලපිටිය, නයිවල, උඩුගම්පල, කොටුගොඩ, හීනටියන, යාගොඩමුල්ල, කෝවින්න සහ ආඩිඅම්බලම හරහා නැවත මිනුවන්ගොඩට පැමිණීමේ වට හතරකින් සමන්විත විය. 

මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 152 දෙනෙක් සහභාගි වූ අතර ඉන් 44 දෙනෙක් තරගය නිමා කළහ. මැඩොන්සා සමග එක පොකුරේ පැමිණ තරගය නිමාකළ ජානක හේමන්ත සහ නිහාල් ශාන්ත සිල්වා පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලටද, රංජිත් සුසන්ත සිවුවැනි ස්ථානයටද පත්වූහ. 

තරගයේ ජයග්‍රාහකයා බවට පත්වූ මැඩොන්සාට රුපියල් ලක්ෂකයක මුදල් ත්‍යාගයක් සමගින් ‘චමින්ද සිල්වා අභියෝග කුසලාන’ පිරිනැමුණ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සමගින් පිළිවෙලින් රුපියල් හැත්තෑ පන්දහසක් සහ රුපියල් හැට දහසක් බැගින් පිරිනැමිණ. එහිදී සිවුවැනි ස්ථානයේ සිට 35 වැනි ස්ථානය දක්වාද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ. 
මෙම තරගයට සමගාමීව මිනුවන්ගොඩ නගරයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000 කට ශිෂ්‍යාධාර පිරිනැමීමද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සිදුකෙරිණ. 

තරග ප්‍රතිඵල 

1 අවිෂ්ක මැඩොන්සා (පැය 4: විනාඩි 12: තත්පර 22) 
2 ජානක හේමන්ත (පැය 4:12:22) 
3 නිහාල් ශාන්ත සිල්වා (පැය 4:12:22) 
4 රංජිත් සුසන්ත (පැය 4:12:22) 
5 සහන් ජයසිංහ (පැය 4:15:37) 
6 කසුන් නිමේෂ් (පැය 4:15:39) 
7 එන්.බී.එස්. නිශ්ෂංක (පැය 4:15:39) 
8 දිනේෂ් ධනුෂ්ක (පැය 4:15:51) 
9 අශේන් තාරුක (පැය 4:19:22) 
10 අමිත් උදය කුමාර (පැය 4:19:23) 

 


අදහස් (0)

චමින්ද සිල්වා අභියෝග කුසලාන මැඩොන්සාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.