Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ දිස්ත්‍රික් පාපැදි තරගාවලියට අයැදුම්පත්

කොළඹ දිස්ත්‍රික් පාපැදි තරගාවලියට අයැදුම්පත්

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉසව් පහකින් සමන්විත කොළඹ දිස්ත්‍රික් පාපැදි තරග මාලාව සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙතින් මෙම 14 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. මෙම පාපැදි තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල අසලදී පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන මෙම පාපැදි තරග මාලාව සඳහා එම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.
කළුබෝවිල නිමල් සුපර් ලයිට් ආයතනයේ අධිපති, නාගරික මන්ත්‍රී ආචාර්ය නිමල් බුලත්සිංහල මහතා ඒ සඳහා අනුග්‍රහය දක්වයි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන් කළුබෝවිල, කොහුවල, දුටුගැමුණු මාවත, පාමංකඩ පාලම,  සරණංකර පාර බෝධිය මාවත, රෝහල් පාර හරහා නැවත කළුබෝවිලට ළඟාවෙමින් තරග කරන බව තරග සංවිධායකයෝ පවසති. එහිදී වේගවත්ම පැදිය සඳහා වන ලකුණු පිරිනැමීමටද  සිදුකෙරේ.

තරග අයැදුම්පත්  ලියාපදිංචි තැපෑල ඔස්සේ කොළඹ පාපැදි තරගාවලිය, නො. 61, නිකපේ පාර, දෙහිවල යන ලිපිනයට යොමුකළ යුතුය. තරගාවලිය පිළිබඳව වැඩි තොරතුරු, දුරකතන අංක 0774 - 361096 ඔස්සේ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් අශෝක් කුමාර පෙරේරා මහතා ඇමතීමෙන් ලබා ගත හැකිය.

අවසන් වරට මෙම තරගමාලාව වසර 2019 දී පවත්වා තිබේ.

 


අදහස් (0)

කොළඹ දිස්ත්‍රික් පාපැදි තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.