කෑගලු දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන කෑගල්ල දිස්ත්‍රික් පාපැදි ශූරතාවලිය මේ මස 27 වැනිදා පෙරවරු 8.00 සිට රුවල්වැල්ල නරගය ආශ්‍රිතව පැවැත්වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම ශුරතාවලියට රේසිං සහ ස්ටෑන්ඩඞ් ඉසව් 9 ක් අන්තර්ගත වේ.
එහිදී ජ්‍යෙෂ්ඨ පිරිමි (කිලෝ මීටර් 60), ජ්‍යෙෂ්ඨ කාන්තා (කිලෝ මීටර් 50), වයස 23 න් පහළ පිරිමි (කිලෝ මීටර් 60), කනිෂ්ඨ පිරිමි (කිලෝ මීටර් 40) සහ කනිෂ්ඨ කාන්තා (කිලෝ මීටර් 30) ලෙස රේසිං ඉසව් පැවැත්වේ. ස්ටෑන්ඩඞ් ඉසව් පැවැත්වෙන්නේ ජ්‍යෙෂ්ඨ පිරිමි (කිලෝ මීටර් 60), ජ්‍යෙෂ්ඨ කාන්තා (කිලෝ මීටර් 50), කනිෂ්ඨ පිරිමි (කිලෝ මීටර් 50) සහ කනිෂ්ඨ කාන්තා (කිලෝ මීටර් 40) ලෙසනි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ස්ථිර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම ශූරතාවලිය සඳහා සහභාගි විය හැකිය. ඒ අතරින්ද ජ්‍යෙෂ්ඨ පිරිමි, ජ්‍යෙෂ්ඨ කාන්තා සහ වයස 23 න් පහළ පිරිමි ඉසව් සඳහා සහභාගි විය හැක්කේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍ර ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.
පෙරවරු 8.00 තරගය ආරම්භ වන බැවින් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරවරු 7.00 සිට 7.30 දක්වා කාලය තුළ ආරම්භක ස්ථානය වෙත පැමිණ ලියාපදිංචි විය යුතුය. 071-8203322 යන දුරකතන අංකය ඔස්සේ පුෂ්පා රංජනී මහත්මිය ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.