අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් කැරම් තරගාවලියේ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව නුගේගොඩ කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ද කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ.
කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජ නියෝජනය කරන ජාතික කැරම් ශූර චමිල් කුරේ මෙම තරගාවලියේ අවසන් වටයේ තරගයේදී ප‍්‍රතිවාදියාට අවස්ථාවක් නොදීම තරගය අවසන් කිරීම කැපී පෙනෙන සිදුවීමක්විය. චමිල් කුරේ, බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ, ලලිත් හේවගේ, කවීන් නිම්නෙත්, දිනෙත් දුලක්‍ෂණ යන ක‍්‍රීඩකයෝ කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජ ‘ඒ’ පිල නියෝජනය කළහ. කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව නාවික හමුදා ‘බ්ලැක්’ පිල විසින් දිනා ගන්නා ලදී.
ජෝෂප් රොෂිටා, චලනි ලියනගේ සහ දිල්කා දිල්රුක්‍ෂි ක‍්‍රීඩිකාවෝ නාවික හමුදා පිලට ඇතුළත්වුහ.
කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී දින පහක් පුරා පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 59 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 300 ක් පමණ සහභාගිවුහ. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.
සෙසු අවසන් තරග ප‍්‍රතිඵල:
‘බී’ කාණ්ඩය (පිරිමි)
නුගේගොඩ කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජයීය ‘රන්’ පිල විසින් කොළඹ ආර්.ඇන්ඞ්.ඒ. ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය: අත්තිඩිය ක‍්‍රීඩා සමාජය
‘සී’ කාණ්ඩය (පිරිමි)
කොළඹ ආර්.ඇන්ඞ්.ඒ. ක‍්‍රීඩා සමාජය ‘රතු’ පිල විසින් යුද හමුදා පිල පරාජය කරන ලදී,
තෙවැනි ස්ථානය: නුගේගොඩ තරුණ බෞද්ධ සංගම් ක‍්‍රීඩා සමාජයීය ‘රෝස’ පිල
‘සී’ කාණ්ඩය (කාන්තා)
යාපනය දිස්ත‍්‍රික් කැරම් සංගම් පිල විසින් මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය: නුගේගොඩ මාවියන්ස් ක‍්‍රීඩා සමාජය ‘නිල්’ පිල
කැරමයිට්ස් කැරම් පිල
නාවික හමුදා පිල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.