කැරම් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළාත් මට්ටමින් හඳුනා ගැනීමේ වැඩසටහනේ නැගෙනහිර පළාත් වැඩමුළුව ත්‍රිකුණාමලය ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.
නැගෙනහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ එම්. මදිවන්නන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සහයෝගයෙන් දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ඒ. එච්. විමලසේන මහතා මෙම වැඩමුළුව සංවිධානය කළේය. ඒ සඳහා සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වඩාත් දක්‍ෂයන් තෝරා ගැනීම සඳහා තරගාවලියක් ද පැවැත්විණ.
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගිවුහ. කැරම් සම්මේලනය විසින් මෙදින අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් තුනේ කමිටු පිහිටුවන ලදී.
|
|
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.