Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කළුතර විද්‍යාලය අ.අ.පූර්ව වටයට

කළුතර විද්‍යාලය අ.අ.පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කළුතර විද්‍යාලය අද (1 වැනිදා) සමත්විය.

කළුතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කළුතර විද්‍යාලය සමත්විය.

කාවින්ද ජයවික්‍රම කඩුලු 4 ක් ද අවිශ්ක ලක්ෂාන්, විශ්මික කොස්තා සහ ප්‍රබෝත් වනිගසේකර කඩුලු 2 බැගින් දවාගනිමින් කළුතර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බණ්ඩාරනායක විද්‍යාලය - ඕවර 25.5 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(මදාර භානු 20, කාවින්ද ජයවික්‍රම 11/4, අවිශ්ක ලක්ෂාන් 13/2, විශ්මික කොස්තා 28/2, ප්‍රබෝත් වනිගසේකර 33/2)

කළුතර විද්‍යාලය - ඕවර 17.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 89
(ක්‍රිෂාන් ඉරංග නොදැවී 38, ගිහාන් සංජය 29)

 


අදහස් (0)

කළුතර විද්‍යාලය අ.අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.