Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

කබඩි පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කබඩි පුහුණුකරුවන් තෝරා ගැනීමේ පරීක්‍ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.  ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන මෙම පරීක්‍ෂණය ලිඛිත සහ ප්‍රායෝගික ලෙස කොටස් දෙකකින් සමන්විතය.


ගෘහස්ත කබඩි ජාතික පුහුණුකරු සහ සහාය පුහුණුකරු මෙන්ම කනිෂ්ඨ පුහුණුකරු සහ සහාය පුහුණුකරු, වෙරළ කබඩි ජාතික පුහුණුකරු සහ සහායක පුහුණුකරු, සර්කල් කබඩි ජාතික පුහුණුකරු සහ සහාය පුහුණුකරු ලෙස පුහුණුකරුවන් සහ පුහුණුකාරිණියන් එහිදී තෝරා ගැනේ.


තමන් විසින් සකස් කරන ලද අයැදුම්පත් තමන් නියෝජනය කරන සංගමයේ නිර්දේශය සමඟ මෙම 29 වැනිදාට පෙර ‘ලේකම්, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, සඳරේඛා, මිරහවත්ත යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.


ජාත්‍යන්තර, ජාතික සහ ක්‍රීඩා සමාජ මට්ටමින් කබඩි ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා ඉදිරිපත්විය නොහැකි බව කබඩි සම්මේලනය පවසයි.


අදහස් (0)

කබඩි පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.