Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉන්දීය නැඟී එන පිල අවසන් තරගයට

ඉන්දීය නැඟී එන පිල අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය නැඟී එන කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ අද (13 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය නැඟී එන කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 27.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. හිම්මත් සිං (නොදැවී 59) සහ නිතිෂ් රානා (නොදැවී 60) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 126 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී පන්දු 58 කට මුහුණදුන් හිම්මත් සිං හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 60 කදී වාර්තා වූ නිතිෂ් රානාගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. ආරම්භක පිතිකරු රුතුරාජ් ගායික්වාද් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන නැඟී එන කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ ලකුණු 172 කට සීමා කිරීමට මායන්ක් මාර්කන්ඬේ ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාර්කන්ඬේ ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් අසරණ කළේය. අන්කිත් රාජ්පුත් සහ ජයන්ත් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා මාර්කන්ඬේට අනගි සහායදුන් දුන්හ.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දැවී යද්දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට මොහොමඩි රිස්වාන් (67) සහ සවුද් ශකීල් (62) සමත් වූහ. පන්දු 95 කදී වාර්තා වූ රිස්වාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ ශකීල්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.

පාකිස්තාන නැඟී එන පිල - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 172
(සීෂාන් මලික් 17, මොහොමඞ් රස්වාන් 67, සවුද් ශකීල් 62, නැඟී එන 38/4, අන්කිත් රාජ්පුත් 19/2, ජයන්ත් යාදව් 29/2)

ඉන්දීය නැඟී එන පිල - ඕවර 27.3 කදී කඩුලු 3 ක් දැවී 178
(රුතුරාජ් ගයික්වාඞ් 20, ශම්ස් මුලානි 19, හිම්මත් සිං නොදැවී 59, නිතිෂ් රානා නොදැවී 60)

-036


අදහස් (0)

ඉන්දීය නැඟී එන පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.