ආසියා - ශාන්තිකර කලාපීය කරාටේ කොබුදෝ ශූරතාවලිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම 30 සහ 31 දෙදින සුගතදාස පිටියේදී පැවැත්වේ.
මීට පෙර මෙම තරගමාලාව ඉන්දුනීසියාවේදී හා පිලිපීනයේදී පවත්වා ඇති අතර මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 දෙනක ුසහභාගිවෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවන තරගාවලියේ ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා ආයාෂි සහ ෂිතොරියු කායි කරාටේ සංවිධානයේ ප්‍රධාන උපදේශක ටයිටස් පෙරේරා මහතා පවසයි.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය දරන කමිටු සභාපති ඉම්ප්‍රෙසන්ස් ලේබල්ස් ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක ලුවී සිමන් මහතා පැවසුවේ ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග පසුගිය ජුනි 17 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැති බවයි.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.