Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කුසලාන අවසන් තරගය හෙට

ආසියානු කුසලාන අවසන් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (15 වැනිදා) පෙරවරු 9.45 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පුර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඉන්දීයාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට පරදවා කඩුලු 7 ක ජයක් ලබාගනිමිනි.

මේ දක්වා සහභාගි වූ තරග 4 න් 3 කදීම අර්ධ ශතක ලබගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය කමිඳු මෙන්ඩිස් කෙරෙහි හෙට තරගයේදීද වැඩි දෙනාගේ අවධානය යොමුවී තිබේ.


- 036

 


අදහස් (0)

ආසියානු කුසලාන අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.