Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් පළාත් කාන්තා ශූරතාව ගාල්ලට

අන්තර් පළාත් කාන්තා ශූරතාව ගාල්ලට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය. පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 29 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ගාල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 41 ක් සහ මල්ෂා ශෙහානී ලකුණු 40 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායම ලකුණු 200 සීමාවේ ආසන්නයට රැගෙන යාමට සමත්වූහ.

උදේෂිකා ප්‍රබෝදනී කඩුලු 3 ක් ද කවීෂා දිල්හාරී සහ හංසිමා කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි.

දඹුල්ල කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අර්ධ ශතකයක් (53) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

සත්‍යා සංදීපනී කඩුලු 3 ක් සහ සුගංදිකා කුමාරී කඩුලු 2 ක් දවාගනිමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 192
(ප්‍රසාදනී වීරක්කොඩි 41, මල්ෂා ශෙහානී 40, ශෂිකලා සිරිවර්ධන 26, නිලක්‍ෂි ද සිල්වා 25, උදේෂිකා ප්‍රබෝදනී 29/3, කවීෂා දිල්හාරී 44/2, හංසිමා කරුණාරත්න 42/2)

දඹුල්ල කණ්ඩායම - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(චමරි අතපත්තු 53, දිලිනි අමෝදරා 27, ජිමංජලී විජේමාන්න 20, සත්‍යා සංදීපනී 28/3, සුගංදිකා කුමාරී 22/2)

 


අදහස් (0)

අන්තර් පළාත් කාන්තා ශූරතාව ගාල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.