Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සම්පත් බැංකු පිලට ගෝල 7-0 ක ජයක්

සම්පත් බැංකු පිලට ගෝල 7-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා හොකී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ කොළඹ ටොරින්ටන් පෙදෙස කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී කොමර්ෂල් බැංකු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ගෝල 7-0 ක ජයක් වාර්තා කිරීමට සම්පත් බැංකු ‘ඒ’ කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසන් වන විට ගෝල 2-0 ක් ලෙස පෙරමුණගත් සම්පත් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ගෝල 5 ක් රැස්කළහ. තරගය නිමාවන තෙක්ම එක් ගෝලයක් හෝ ලබාගැනීමට කොමර්ෂල් බැංකු ක්‍රීඩකයෝ අසමත් වූහ.

අශාන් අලස් සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් 31 වැනි, 33 වැනි සහ 41 වැනි මිනිත්තුවලදී පිට පිටම ගෝල තුනක් වාර්තා කළ අතර මිලාන් ආරියවංශ (5 වැනි සහ 23 වැනි මිනිත්තුවලදී) සහ අංජු හේවගේ (51 වැනි සහ 53 වැනි මිනිත්තුවලදී) එහිදී ගෝල 2 බැගින් ලබාගත්හ.

‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ගෝල 5-0 කින් මාස් හෝල්ඩින්ස් කණ්ඩායම පරාජය කිරීමට හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම සමත් විය. පළමු අර්ධය නිමාවන විට ගෝල 3-0 ක් ලෙස පෙරමුණ ගත් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධය තුළදී ලකුණු පුවරුවට තවත් ගෝල 2 ක් එක් කළහ.  

එහිදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ගෝල 3 ක් ලබාගැනීමට දමිත බණ්ඩාර සමත් වූ අතර ධනුෂ්ක ප්‍රනාන්දු සහ රසික වික්‍රමසිංහ එක් ගෝලය බැගින් ලබාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති තරග දෙකකදී ඒලියන්ස් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක් ලැබීමට නේෂන් ට්‍රස්ට් බැංකු ‘බී’ කණ්ඩායමද, බ්‍රවුන්ස් සමූහ කණ්ඩායමට එරෙහිව ගෝල 12-2 ක ජයක් ලැබීමට කොමර්ෂල් බැංකු ‘බී’ කණ්ඩායමද සමත් විය.


- 036

 


අදහස් (0)

සම්පත් බැංකු පිලට ගෝල 7-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.