Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ජෝන් ලුවිස්

ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ජෝන් ලුවිස්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ජොනතන් (ජෝන්) ලුවිස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ (එක්දින තරගාවලියේ) සිට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇත. 

ලුවිස් මහතා, එංගලන්තය නියෝජනය කරමින් එකම ජාත්‍යන්තර තරගයකට හෝ සහභාගි වී නොමැති වුවද ඩර්හැම් සහ එසෙක්ස් ප්‍රාන්ත නියෝජනය කරමින් පළමු පෙළ තරග 205 කට ක්‍රීඩා තිබේ. එහිදී ශතක 16 ක් සහ අර්ධ ශතක 66 ක් සමගින් ඔහු රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10,821 කි.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු බවට පත්වීමට පෙර ඔහු එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ 2013 වසරේදී පැවති අන්තර් ප්‍රාන්ත තරගාවලිය සහ 2014 වසරේදී පැවැති රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලිය ජයගත් ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම, 2016 වසරේදී පැවැති ටී-20 බ්ලාස්ට් තරගාවලියේ අනු ශූරයන් බවටද පත්විය. 

-036 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ජෝන් ලුවිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.