Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානය

ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානය

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉතාලියේදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් රෝද පුටු ටෙනිස් තරගාවලියේ 6 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සමත් වී තිබේ. එම තරගාවලියේදී සුරේෂ් ධර්මසේන, ලසන්ත රණවීර සහ ගාමිණී දිසානායක ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ තරග කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 4 ක් යටතේ පැවැත්විණ. සිවුවැනි කාණ්ඩය යට‍තේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ පළමු තරගයේදී ප්‍රංශය හමුවේ තරග 3-0 ක් ලෙස පරාජයට පත් විය.

මූලික වටයේ දෙවැනි සහ තෙවැනි තරගවලදී පිළිවෙලින් බෙල්ජියමට එරෙහිව තරග 2-1 ක් ලෙසත්, බ්‍රසීලයට එරෙහිව තරග 3-0 ක් ලෙසත් ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ 5 වැනි සහ 8 වැනි ස්ථාන අතර ස්ථානයක් සඳහා තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය. එහිදී පෝලන්තයට එරෙහිව තරග 2-0 ක ජයක් ලබමින් තවත් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 5 වැනි සහ 6 වැනි ස්ථාන වෙනුවෙන් පැවැති තරගයේදී ප්‍රබල ජපානයට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය.

ජපානයට එරෙහිව පැවැති තරගයේදී තරග 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

ලෝක කණ්ඩායම් රෝද පුටු ටෙනිස් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් හිමිකරගත් ඉහළම ස්ථානය ලෙස මෙය හැදින්විය හැකිය.

 

මූලික වටය
ප්‍රංශය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග 2-1 ක් ලෙස බෙල්ජියම පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස බ්‍රසීලය පරාජය කරන ලදි.

5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා
ශ්‍රී ලංකාව ‍විසින් තරග 2-0 ක් ලෙස පෝලන්තය පරාජය කරන ලදි.
ජපානය විසින් වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.