Last Update  :  2026-02-12 00:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්

editorial - 2026 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 

ඉන්දියාවේ නව දිල්ලි නුවරදි පැවැති ආසියානු රයිෆල් සහ පිස්තොල ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පන්නිපිටිය ධර්මපාල විදුහලේ උමයංගා කුමාරසිරි එහිදී මිලිමීටර් 10 වායු රයිෆල් යොවුන් කාන්තා ඉසව්වේදී රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූයේ ලකුණු 247.4 කට හිමිකම් කියමිනි. 

ඇය සමග ශ්‍රී ලංකාවේ දිමන්දි රත්නායක සහ තිවේජා දිසානායකද එම ඉසව්ව සඳහා සහභාගි වූ නමුත් ඔවුන්ට අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ. 
ඉන්දියාවේ ඔජස්වි ඨාකූර් (ලකුණු 250.4) සහ ඉන්දුනීසියාවේ යස්මින් අචඩයිට් (ලකුණු 226.9) පිළිවෙලින් එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනාගත්හ. 

මිලිමීටර් 10 වායු රයිෆල් කනිෂ්ඨ කාන්තා කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවූ අතර එහිදී සිනාදි කොඩිකාර, රෙයින්යා රණසිංහ සහ ෆාතිමා නුහා රහුමාන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. 

එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවටත්, රිදී පදක්කම කසකස්ථානයටත් හිමිවිය. ආසියානු වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 13 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.