Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනිසුරු සංගමය ගුවන් හමුදා තරග වර්ජනයක

විනිසුරු සංගමය ගුවන් හමුදා තරග වර්ජනයක

Nisanka Sandeepani - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා පිල සහ නාවික හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී පසුගිය සෙනසුරාදා පැවැති ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තරගය අවසන් වීමෙන් පසුව එම තරගයේ පැති විනිසුරුවකු ලෙස කටයුතු කළ අනිල් මංගල මහතාට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් රග්බි විනිසුරු සංගමය ගුවන් හමුදාව සත්කාරත්වය දරණ තරගවලින් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹදී පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එයට මංගල මහතා සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය.  

ප්‍රහාරය නිසා තුවාල ලැබූ මංගල මහතා කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පිටව ගොස් ඇති අතර ඒ මහතාගේ කොන්ද තරමක් ආබාධයට ලක්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ විනිසුරුවන්ට ක්‍රීඩාංගණයෙන් පිටම යෑම තෙක් ආරක්‍ෂාව සැපයීම සත්කාරක කණ්ඩායමේ වගකීම බවයි.  

 

 

 


අදහස් (0)

විනිසුරු සංගමය ගුවන් හමුදා තරග වර්ජනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.