Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශේෂ මහ සභා රැස්වීම 25 වැනිදා

විශේෂ මහ සභා රැස්වීම 25 වැනිදා

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් තෝරා පත්කරගැනීම වෙනුවෙන් මේ මස 25 වැනිදා පස්වරු 2.00 සිට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වේ. 

මෙම විශේෂ මහ සභා රැස්වීම අප්‍රේල් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, නොවැලැක්විය හැකි හේතුවක් මත එය මේ මස 25 වැනිදා දක්වා කල් දැමීමට සිදුව තිබේ. 

මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගේ සහ ලේකම් කසුන් උදාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ මහ සභා රැස්වීමේදී නිලවරණ කමිටුවක් තෝරා පත්කරගැනීමට අමතරව වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය. 

මේසපන්දු සංගමයට අනුබද්ධ සෑම ක්‍රීඩා සංගමයකින් මෙන්ම ක්‍රීඩා සමාජයකින්ම නියෝජිතයන් දෙදෙනකුට බැගින් මෙම විශේෂ මහ සභා රැස්වීම සඳහා සහභාගි විය හැකි අතර සහභාගි වන නියොජිතයන් දෙදෙනාගේ තොරතුරු අදාල ක්‍රීඩා සංගමයේ හෝ ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා තහවුරු කළ යුතුය. 

 


අදහස් (0)

විශේෂ මහ සභා රැස්වීම 25 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.