කොළඹ 07 පිහිටි වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේ ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව වසර 40 කට අධික ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ක්‍රීඩකයන් අට දෙනකුගේ විශේෂ ඡායාරූප නිරාවරණය කළේය.
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ පිතිකරු වන රෝයි ඩයස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ජය ලැබූ කණ්ඩායමේ නායකයා වන දුලිප් මෙන්ඩිස්, ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග, ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 12,000 රැස්කළ කුමාර් සංගක්කාර, ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩි කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්, ලෝක එක්දින පිටියේ ඉනිමකදී කඩුලු අටක් දවාගත් එකම පන්දු යවන්නා වන චමින්ද වාස් යන හිටපු ක්‍රීඩකයන්ගේ ද, ලෝක එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයන් තුනකට හිමිකම් කියන එකම පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ ද, මෙහිදී ඡායාරූප නිරාවරණය කෙරුණි.
හිටපු නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට බන්දුල වර්ණපුර, රෝයි ඩයස්, චමින්ද වාස් සහ ලසිත් මාලිංග යන මහත්වරු ද සහභාගි වූහ.
වසර 107 ක ඉතිහාසයකට හිමිකම් කියන වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ සහ උප සභාපති නලීන් වික්‍රමසිංහ යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
.jpg)
අර්ජුන රණතුංග සහ රෝයි ඩයස් යන මහත්වර ඡායාරූප නිරාවරණය කිරීමෙන් පසුව කිසියම් දෙයක් සාකච්ඡා කරමින්... බන්දුල වර්ණපුර මහතා ද පසෙකින් සිටියි.
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා නව ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාව. උප සභාපති නලීන් වික්‍රමසිංහ මහතා ද මෙහි සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.