ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පරිපාලන කටයුතු සඳහා තමන් කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත්, ඒ සඳහා බලපෑම් නොකරන බවත් මේසපන්දු ක්‍රීඩක රොහාන් සිරිසේන කියයි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ අභ්‍යන්තර ගැටුම් හෙළිදරව් කරමින් 2018-05-24 දින ‘ලංකාදීප’ පත්‍රයේ පළවූ වාර්තාවට පිළිතුරු සපයමින් ඔහු එසේ පවසා සිටියි.
2018-05-24 දින ‘ලංකාදීප’ පත්‍රයේ පළවූ වාර්තාවටට අදළා ක්‍රීඩකයා තමන් බව පිළිගන්නා රොහාන් සිරිසේන ලංකාදීප වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සංගමයේ වැඩබලන සභාපතිවරයා සහ තමන් අතර විශේෂ හිතවත්කමක් නොමැති බවත් ඔහු වැඩබලන සභාපති ධූරයට පත්වූයේ විධායක කමිටුවේ වැඩි දෙනාගේ කැමැත්තෙන් මිස තමාගේ අවශ්‍යතාවක් මත නොවන බවත්ය.
තමා නියෝජනය කරන ස්ටැග් මේසපන්දු සංගමය ඉකුත් වසරේ (2017) දෙසැම්බර් මස 31 වැනිදා සිට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයෙන් ඉවත්වී ඇති බවද රොහාන් සිරිසේන පවසයි. මේසපන්දු ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබූ අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට සහභාගි වීමේ අවස්ථාව අහිමි කිරීමට තමා කිසිදු බලපෑමක් නොකළ බව කියන සිරිසේන, ඔවුන්ට එම අවස්ථාව අහිමි වූයේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා බවද අවධාරණය කර සිටියි.
ආසියානු තරගාවලිය සඳහා නැවත තේරීම් තරගාවලියක් පැවැත්වීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් විදෙස් තරගාවලිවලට සහභාගි වීමේදී ක්‍රීඩා අමාත්‍යංශය වෙත යෑමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණද ලෝක ශූරතාවලියට සහභාගි වීමේදී මුහුණදීමට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා තමාට ක්‍රීඩා අමාත්‍යංශය වෙත යෑමට සිදුවූ බවත් හෙතෙම කියයි.
සිරිසේන පවසන පරිදි ලෝක ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියේදී ඔහු තෙවැනි ස්ථානයට පත්ව තිබේ. එහෙත් ලෝක ශූරතාවලියට තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුවට අනුමැතිය ලබාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට යැවූ අවස්ථාවේදී එවකට සිටි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා එම ලැයිස්තුවෙන් තමන්ගේ නම ඉවත්කර තේරීම් තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩකයාගේ නම ඊට ඇතුළත් කළ බවද රොහාන් සිරිසේන කියයි.
අහිමිවීමට ගිය අවස්ථාව යළි හිමිකර ගැනීම සඳහා තමාට ක්‍රීඩා අමාත්‍යංශයට යෑමට සිදුවූ බවත්, එහිදී තමා සංගමයේ වැඩබලන සභාපතිවරයාද කැටුව ක්‍රීඩා අමාත්‍යංශය වෙත ගිය බවත් සිරිසේන සඳහන් කරයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.