අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි සතිය අවසාන වන විට ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින රාගම කණ්ඩායම ප්‍රසාද ලකුණු 17.42 ක් සහ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින එස්.එස්.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 29.77 ක් ලබාගනිමින් ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගැනීමට මේ වනවිට සමත්වී ඇත.
තරග 2 කට සහභාගිවී ඇති රාගම කණ්ඩායම එහිදී එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තද පළමු ඉනිම පරාජයට පත්විය. තරග 2 කට සහභාගිවූ එස්.එස්.සී. කණ්ඩායම සී.සී.සී කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් සහ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.