Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේස පන්දු ප‍්‍රවීනයෝ පදක්කම් 5 ක් දිනති

මේස පන්දු ප‍්‍රවීනයෝ පදක්කම් 5 ක් දිනති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාලියේ ටොරිනෝ නගරයේදී පැවති ලෝක ප‍්‍රවීනයන්ගේ කී‍්‍රඩා උළෙලේදී පදක්කම් 5 ක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මේසපන්දු පිල සමත්විය. රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඊට අයත්විය.

අවුරුදු 60 ඉහළ වයස් කාණ්ඩය නියෝජනය කළ විජිතා රත්නායක, කැනේඩියානු කී‍්‍රඩිකාවක් සමග එක්ව එම වයස් කාණ්ඩයේ යුගළ ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර එහි කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

අවුරුදු 50 ඉහළ වයස් කාණ්ඩයෙන් තරග වැදුන තමරා හේවගේ සහ නිල්මිණී විජේතුංග එහි කේවල ඉසව්වේදී පිළිවෙළින් රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනාගත්හ. එම වයස් කාණ්ඩයේ යුගළ ඉසව්වේදී ඔවුන් දෙදෙනාට හිමිවූයේ රිදී පදක්කමයි.

 

අවුරුදු 60 ඉහළ වයස් කාණ්ඩය (යුගල)
විජිතා රත්නායක සහ කැනේඩියානු කී‍්‍රඩිකාව - රන් පදක්කම3

අවුරුදු 60 ඉහළ වයස් කාණ්ඩය (කේවල)
විජිතා රත්නායක - ලෝකඩ පදක්කම

අවුරුදු 50 ඉහළ වයස් කාණ්ඩය (කේවල)
තමරා හේවගේ - රිදී පදක්කම
නිල්මිණී විජේතුංග - ලෝකඩ පදක්කම

අවුරුදු 50 ඉහළ වයස් කාණ්ඩය (යුගල)
තමරා හේවගේ සහ නිල්මිණී විජේතුංග - රිදී පදක්කම


 

 


අදහස් (0)

මේස පන්දු ප‍්‍රවීනයෝ පදක්කම් 5 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.